Hirunews Logo
%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A
Friday, 13 October 2017 - 19:29
කුඹුක්කන් ඔයේ නීති විරෝධී මැණික් ගැරීම් තවමත්
6

Shares
768

Views
ඔක්කම්පිටිය, මාලිගාවිල, මොණරාගල ආදී ප්‍රදේශවල පවුල් 30000 කට වැඩි පිරිසක් පානීය ජලය සපයා ගන්නේ කුඹුක්කන් ඔය හරහායි. 

කෙසේ වෙතත් කුඹුක්කන් ඔයේ ජලය පානයට ගැනීමට ජනතාවට නොහැකි ලෙස මඩ මිශ්‍ර වී ඇත්තේ දිගින් දිගටම නීති විරෝධීව ඔය ආශ්‍රිතව සිදුකරන
මැණික් ගැරීම හේතුවෙන්. 

අවස්ථා ගණනාවකදී හිරු සී.අයි.ඒ හරහා කුඹුක්කන් ඔය මැණික් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුව ඇති බව අප හෙළි කළා. 

මේ වන විට කුඹුක්කන් ඔයේ ඉවුර ස්ථාන රැසකින් විනාශකර දැමීමට මැණික් ජාවාරම්කරුවන් කටයුතු කර තිබෙනවා. 

ගං ඉවුර වනසා දමා ඉන් නොනැවතුණු මැණික් ජාවාරම්කරුවන් මේ වන විට කුඹුක්කන් ඔයේ ගමන් මාර්ගයටද බාධා එල්ල කර තිබෙනවා. 

හිරු සී.අයි.ඒ වෙත ලැබුණු නවතම තොරතුරකින් හෙළි කෙරුණේ මැණික් ජාවාරම්කරුවන් මේ වන විටත් ඔක්කම්පිටිය මාර්ගයේ තුනේ කණුව
ප්‍රදේශයෙන් කුඹුක්කන් ඔයේ කොටසක් අවහිර කර ඇති බවයි. 

ඒ අනුව දුෂ්කර ගමන් මාර්ගයක් පසුකර අදාළ ස්ථානය සොයා හිරු සී.අයි.ඒ කන්ඩායම අදාළ ස්ථානයට ළඟා වුණා. 

හිරු සී.අයි.ඒ කළ ගවේෂණයේදී හෙළි වූයේ දිනපතා මෙම ප්‍රදේශයෙන් කුඹුක්කන් ඔය ආක්‍රමණය කරන ජාවාරම්කරුවන් ඔය තුළදීම මැණික් ගැරීම
සිදුකරන බවයි. 

කුඹුක්කන් ඔය ආශ්‍රිතව දිගින් දිගටම සිදුකරන මෙම නීති විරෝධී ක්‍රියාකාරකම්වලට නීතියේ වැට බැදෙන්නේ කවදාද?

හිරු සී.අයි.ඒ ඉදිරියේදීත් අවධානයෙන්.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top