Hirunews Logo
%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Friday, 13 October 2017 - 19:41
අම්බලන්ගොඩ නිවසකට පැමිණි පිරිසක් ළමුන් 3 දෙනෙකු පැහැරගෙන යයි
8,956

Views
අම්බලන්ගොඩ - රංදොඹේ ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පිරිසක් නිවැසියන්ට තියුණු ආයුධවලින් පහර දී නිවසේ සිටි ළමුන් තිදෙනෙකු පැහැරගෙන ගොස් තිබෙනවා.

අම්බලන්ගොඩ - රංදොඹේ ඔලගම ප්‍රදේශයේදී මෙම පැහැර ගැනීම සිදුව ඇත්තේ අද අලුයම 1 ට පමණ.

පොලිසිය පැවසුවේ නිවසේ සිටි තරුණියගේ සැමියා මෙලෙස තවත් පිරිසක් සමග පැමිණ නිවසේ සිටි තරුණයින් දෙදෙනාට තියුණු ආයුධවලින් පහර දී මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි.

පැහැරගෙන ගොස් ඇත්තේ වයස අවුරුදු 11 පිරිමි දරුවෙක් සහ පිළිවෙළින් අවුරුදු 5 සහ 7 යන වයස්වල පසු වූ ගැහුණු දරුවන් දෙදෙනෙක්.

පවුල් ආරවුලක් හේතුවෙන් දරුවන්ගේ මව සිය සැමියාගෙන් වෙන්ව මෙම නිවසේ ජීවත් වන අතර, මීට මාස 5  කට පෙර සැමියාගෙන් වෙන් වීමට නඩුවක් ද පවරා තිබෙනවා.

13 හැවිරිදි වැඩිමහල් දරුවා ජීවත්ව ඇත්තේ සැමියා භාරයේයි.

බරපතළ තුවාල ලැබූ තරුණයින් දෙදෙනා ප්‍රතිකාර ලබන්නේ බලපිටිය රෝහලෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
137 Views
6,353 Views
5,960 Views
6,027 Views
256 Views
7,865 Views
Top