චීනය ව්‍යවස්ථාව වෙනස් කිරීමට සැරසේ

Sunday, 15 October 2017 - 11:21

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ලබන බදාදා රැස්වූ විට පක්ෂ ව්‍යවස්ථාවට සංශෝධන එක් කිරීමට පියවර ගන්නා බව තහවුරු කර තිබෙනවා.

ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් එලෙස මධ්‍යම කාරක සභාව රැස්වන්නේ  පස්වසරකට පසුවයි.

එහිදී ජනාධිපති ෂී ජින්පින්ගේ බලය තහවුරු කරගැනීමට අදාළ සංශෝධන කිහිපයක්ද එක්වනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

ජනාධිපති ෂී ජින්පින් යටතේ චීනය දූෂණයට එරෙහි සාර්ථක සටනක් දියත් කළ අතර, නව සේද මාර්ගය ඔස්සේ එරට ආර්ථිකයේ නව මං සැකසීමට සමත්වුණා.

චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය හිමිකරගත හැක්කේ වසර 5 ක කාලසීමාවන් දෙකකට පමණක් වුවත් ඉදිරි වසර 5 න් අනතුරුවද ජනපති ෂී ජින්පින්ගේ ආධිපත්‍ය පවතිනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories