දුම්රිය ගැටුමක් දුරදිග යයි - එක් අයෙක් එළියට තල්ලු කරයි

Monday, 16 October 2017 - 7:35

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දුම්රියේ ගමන්කළ පුද්ගලයෙකු සමග තවත් අයෙකු ඇතිකරගත් ආරවුලක් දුරදිග ගොස් එක් අයෙකු දුම්රියෙන් තල්ලුකර දුම්රිය මාර්ගයට වැටීම හේතුවෙන් එක් අයෙකු මියගොස් ඇති බව රාගම පොලිසිය පවසනවා.

රාගම දුම්රිය ස්ථානයත් හොරපේ දුම්රිය ස්ථානයත් අතරදී කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රියක මෙම ගැටුම හටගෙන අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය පුද්ගලයා හඳුනාගෙන නොමැති අතර ඔහු වයස අවුරුදු 45 ත් 50 ත් පමණවන උඩු රැවුල වවා ඇති පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) සිදු කිරීමට නියමිතයි.

මියගිය පුද්ගලයා සමග ආරවුලක් ඇතිකරගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර රාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.    





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories