නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

Monday, 16 October 2017 - 18:47

%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.

එමගින් ෆෙඩරල් සංකල්පය තහවුරු වන බව පවසන හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ අදාළ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියට කිසිසේත් එකඟ විය නොහැකි බවයි.

යෝජනාවලිය මගින් උතුරු - නැගෙනහිර පළාත් එක් ඒකකයක් ලෙස පිළිගත යුතු බවට කර ඇති යෝජනාවට මෙන්ම, පළාත් ආණ්ඩුකාරවරුන් සතු විධායක බලතල පළාත් අමාත්‍ය මණ්ඩලය වෙත පැවරීමේ යෝජනාවට ද හිටපු ජනාධිපතිවරයා සිය විරෝධය පළ කරනවා.

වත්මන් ව්‍යවස්ථාවේ පළාත් ඉඩම් බලතල සම්බන්ධයෙන් පවතින ස්ථාවරත්වය වෙනස් කිරීමට යෝජනා වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන්දීය ව්‍යවස්ථාවෙන් පවා එරට මධ්‍යම රජයට ඕනෑම ප්‍රාන්තයක ඕනෑම ඉඩමක් අවශ්‍යතාව මත පවරා ගැනීමට ඉඩ සලසා ඇති බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන කරුණක්.

අදාළ යෝජනාවලිය මගින් සිංහලෙන් ඒකීය යන වචනය තවදුරටත් භාවිත කළ ද, ඊට අදාළ යුනිටරි යන ඉංග්‍රීසි වචනය සහ සංකල්පය නව ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට යෝජනා කිරීම ජනතාව නොමඟ යැවීමක් ලෙස ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්වා දෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories