ගල්කිස්සේ කලහකාරී සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි 5 කට ඇප

Monday, 16 October 2017 - 19:39

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
මියන්මාර සරණාගතයන් පිරිසක් රඳවා සිටි ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් අසල කලහකාරීව හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි 5 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සිද්ධියට අදාළ 7 දෙනෙකු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප 3 ක් මත සැකකරුවන් 5 දෙනෙකු නිදහස් කළ බවයි.

පුද්ගලයන් දෙදෙනෙකු ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පසුගිය මස 26 වනදා මියන්මාර සරණාගතයන් සම්බන්ධ සිදුවීමේදී කලහකාරීව හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුනු අක්මීමන දයාරතන හිමියන් පසුගිය 10 වනදා ඇප මත නිදහස් කළා.

මෙම සියලු සැකකරුවන්ට ඇප ලබාදීමේදී අධිකරණය ප්‍රකාශකර ඇත්තේ යළිත් මෙවැනි වරදකට සම්බන්ධ වුවහොත් ඇප අවලංගු වන බවයි.

මේ අනුව ඇප ලබාගත් සැකකරුවන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳ පොලිසිය අඛණ්ඩව සුපරීක්ෂාකාරීව සිටින අතර යම් හෙයකින් මෙවැනි නීති විරෝධී විරෝධතාවකට ඔවුන් සම්බන්ධ වුවහොත් ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තාකර ඇප නියෝග අවලංගු කරවීමට අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව පොලිසිය නිවේදනය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories