කෝටි 10ක මුදල් වංචා කළ ගුරුවරියක් අත්අඩංගුවට

Monday, 16 October 2017 - 19:55

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+10%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පේරාදෙනිය පශ්චාත් උපාධි විද්‍යාආයතනයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අදාළ ආයතනයේ නමින් රාජ්‍ය බැංකුවක තැන්පත් කර තිබූ ස්ථීර තැන්පතු සහතික අවලංගු කර ලබාගත් මුදල් ආයතනයේ අරමුදලට බැර නොකිරීම හේතුවෙන්.

මේ නිසා ඔහු රුපියල් හත්කෝටි 46 ලක්ෂ 63,524කට ආසන්න මූල්‍යමය පාඩුවක් සිදුකර ඇති බවට අනාවරණ වීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර, ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 10 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය කඩවත - සූරියපාළුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇය කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ජපන් භාෂා ගුරුවරියක් ලෙස සේවයේ නිරත වන බව සඳහන්.

ඇගේ නිවසේ තිබී ගමන් බලපත්‍ර 80 ක්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුද්‍රා 2 ක් ඇතුලූව ව්‍යාජ නිල මුද්‍රා 16 ක් සොයා ගැනුනා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories