කවුඩුල්ලේ අලි එලවු හෙලිකොප්ටරය ගැන පරීක්ෂණ

Monday, 16 October 2017 - 20:29

%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%91%E0%B6%BD%E0%B7%80%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ගැවසෙන වන අලි සමීපයෙන් හෙළිකොප්ටර් යානයක් පියාසර කිරීම සම්බන්ධයෙන් එම වනෝද්‍යාන නිලධාරීන් අද අධිකරණයට කරුණු වාර්තා කළා.

ඔවුන් දන්වා සිටියේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව වනෝද්‍යානයට ඉහළින් ගුවන් යානා පියාසර කළ නොහැකි බවයි.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයක් හිමිකරගෙන ඇත්තේ ඉතා පහසුවෙන් වන අලි නැරඹීමට හැකි ස්ථානයක් ලෙසින්.

වනෝද්‍යානයේ දොර දෙක ප්‍රදේශයේ වන අලි 100 ක පමණ රංචුවක් රැදී සිටි ස්ථානය සමීපයට පසුගිය සිකුරාදා පස්වරු 3 ට පමණ හෙළිකොප්ටර් යානයක් පහත් කර තිබෙනවා.

අදාළ අවස්ථාවේ එහි රැඳී සිටි සංචාරකයින් පැවසුවේ මේ හේතුවෙන් වන අලි බියට පත්ව සංචාරකයින්ට පහරදීමට පවා උත්සාහ කළ බවයි.

ඒ සම්බන්ධයෙන් සංචාරකයින් උද්‍යාන භාරකාරවරයාටෙ පැමිණිල්ලක්ද කර තිබෙනවා.

තොරතුරු වාර්තාවන පරිදි මැදිරිගිරිය ප්‍රදේශයේ සිට සංචාරකයින් රැගෙන පැමිණි නිල් පැහැති කුඩා හෙළි කොප්ටර්යානයක් මෙලෙස පියාසර කර තිබෙනවා.

මෙ යානාව පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් වනජීවි දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද කර තිබෙනවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකාරවරයා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කොට තිබෙනවා.

මේ පිළිබඳව සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අප කළ විමසීමකදී එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ ගුවන් සමාගම් 8 ක් අභ්‍යන්තර ගුවන් ගමන් සිදුකරන බවයි.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නීතියට අනුව අඩි 2000 කට වඩා පහතින් හෙළිකොප්ටර් සහ ගුවන් යානා පියාසර කළ නොහැකි බවත් වනෝද්‍යානයක් ඉහළින් අනවසරයෙන් පියාසර කළ නොහැකි බවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories