පෘතුගාලේ සහ ස්පාඤ්ඤයේ ලැව් ගිනි - 39ක් මරුට

Tuesday, 17 October 2017 - 13:19

%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+-+39%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මධ්‍යම සහ උතුරුදිග පෘතුගාලයේ මෙන්ම දේශසීමාවෙන් ඔබ්බේ පිහිටි ස්පාඤ්ඤයේ පසුගිය සති අන්තයේ හට ගත් ලැව් ගිනිවලින් මේ වන විට පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙහි ලැව් ගිනි 145ක් පමණ දැකිය හැකි අතර, ඉන් ඇතැම් ලැව්ගිනි දැඩි විනාශකාරී ඒවා බව විදෙස් වාර්තා සඳහන් කළා.

මෙම ලැව්ගිනි නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 1800ක් සහ ගිනි නිවන භටයන් 6000ක් යොදවා තිබෙනවා.

ගිම්හානයේ දැඩි උණුසුම මෙන්ම යුරෝපයේ බටහිර වෙරළට හමා ආ ඔෆීලියා සුළි සුළඟ නිසා ලැව් ගිනි පැතිර යාම වේගවත් වී ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories