ලංගම බස් රථයක ගැටුණු යාචක කාන්තාවක් එම ස්ථානයේම මියයයි (ඡායාරූප)

Tuesday, 17 October 2017 - 14:33

%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%B8+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බොරැල්ල බෝ ගහ අසල සිදුවූ රිය අනතුරකින් මහලු කාන්තාවක් මියගොස් ඇති බව බොරැල්ල පොලිසිය පවසනවා.

ඉකුත් 15වන දින සිදුවූ මෙම රිය අනතුරින් මියගොස් තිබෙන්නේ කතරගම නව නගරය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි යාචක කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

ලංගම බස් රථයක ගැටුණු මෙම කාන්තාව එම ස්ථානයේම මියගොස් තිබෙනවා.

කතරගම සිට පැමිණ ඇති ඇය කලක් තිස්සේ කොළඹ බොරැල්ල ප්‍රදේශයේ සිඟමන් යදිමින් සිට ඇති බවයි අනාවරණ වී තිබෙන්නේ.

මෘත ශරීරය පුතණුවන්ට භාරදී ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ අත්අඩංගුවටගත් රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories