හිටපු ජනපති සහ නාමල් තංගල්ල බන්ධනාගාරයට යයි

Tuesday, 17 October 2017 - 16:02

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට ප්‍රදේශයේ පසුගියදා සිදුකළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින පිරිසගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (16) තංගල්ල බන්ධනාගාරයට ගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු අට ගෙනෙකුට ඊයේ (16) ඇප නියමවී තිබුණා.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නටද ඇප හිමිවූයේ නැහැ.

ඒ අනුව ඉතිරි සැකකරුවන් තිස්දෙදෙනා මේ මස 30 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණා.  

මේ අතර මෙම විරෝධතාවය අතරතුර ඇතිවූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජාතික පොලිස් කොමිසම මගින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව එම ප්‍රදේශයේ සංචාරයක  නිරත වී තිබෙනවා.

අනතුරුව ඔවුන් සකස් කරන වාර්තාව කොමිසම වෙත ලබාදෙනු ඇති බවයි එහි ලේකම් ආරියදාස කුරේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පසුගිය 6 වනදා පැවති මෙම ගැටුම අතරතුර තරුණයෙකුට පහරදුන් තංගල්ල සහකාර පොලිස් අධිකාරි තුෂාර දලූවත්ත ද පසුගියදා මාතර කොට්ඨාශය වෙත මාරු කර යැවුනා.

ඒ, පොලිස් කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළවයි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමද මේ වනවිට විමර්ශනයක් පවත්වනවා.



 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories