ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර මගින් පුද්ගලයන් විදෙස්ගත කරන ජාවාරමක්

Tuesday, 17 October 2017 - 16:29

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ව්‍යාජ ගමන් බලපත්‍ර යොදා ගනිමින් ඉතාලිය බලා යමින් සිටියදී කටාර් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ පුද්ගලයන් තුන්දෙනෙකු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ එක් අයෙකුට රුපියල් දස දහස බැගින් වු මුදල් ඇප සහ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇපයක් මත සැකකරුවන් නිදහස්  කිරීමටයි.

අද පෙරවරුවේ දිවයිනට පැමිණි සැකකරුවන් ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුනා.

ඔවුන්ට යළිත් ලබන වසරේ මාර්තු මස 6 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි නියෝග කර ඇත්තේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශකර ඇත්තේ මෙම පුද්ගලයන් විදේශගත කළ ජාවාරම්කරු පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවයි.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර යොදා ගනිමින් පුද්ගලයන් විදේශගත කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories