දඩයක්කාරයන්ගෙන් ජීවිතය බේරා ගන්න ජලාශයට පැන්න මුවා

Tuesday, 17 October 2017 - 17:35

%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F
කාසල්රි ජලාශය අවට රක්‍ෂිතයේ සැරිසරන වැලි මුවෙකු කාසල්රි ජලාශය හරහා වේගයෙන් පිනා යන දර්ශනයක් අප වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන් වී තිබෙනවා.

කාසල්රි ජලාශයේ ඩන්කන් වත්ත රක්‍ෂිත ප්‍රදේශයේ සිට හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගය දක්වා ජලාශයේ හරහා මීටර් එක්දහස් දෙසිය පනහක් පමණ ගැඹුරු ජලයේ වේගයෙන් පිනා යන අකාරයකුයි අද (17) දක්නට ලැබුණේ.

එම ජලාශයේ ධිවරයන් පවසන්නේ ජලාශය අවට දඩයම්කරුවන්ගෙන් සහ සුනඛයන්ගෙන් බේරිම සදහා නිතර නිතර මෙම වැලි මුවන් ජලාශය හරහා පිනා ජිවිතය බේරා ගන්නා බවයි.

ඇතැම් අවස්ථාවල ජලාශය තුළදිම මෙම වැලිමුවන් අල්ලා මස් පිණීස අලෙවි කිරීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක වන බව එම ජලාශයේ ධිවරයන් පවසනවා.



හැටන්- රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories