ශාලීල මුණසිංහගේ ඥාති සොහොයුරෙකු අත්අඩංගුවට

Tuesday, 17 October 2017 - 19:28

%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තායිවානයේ ෆා - ඊස්ටන් බැංකුවේ පරිඝනක පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක මුදල් ඉවත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහගේ ඥාති සහෝදරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුට්ටිආරච්චිගේ චූලපාල ද සිල්වා නැමති සැකකරු කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ සහ තවත් අයෙකු මේ මස 25 වනදා දක්වා දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

ෆා - ඊස්ටන් බැංකුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කළ බව කියන ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක මුදලක් මෙරට රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක තිබී හමුවීම හේතුවෙන් ශලීල මුණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 09 වැනිදායී.

පරිඝනක වෛසරයක් ඇතුළු කිරීමෙන් තායිවාන ෆා - ඊස්ටන් බැංකුවට අනවසර පිවිසීම සිදුකර තිබූ අතර එහිදී ඉවත් කර ගත් ඩොලර් මිලියන 60කට ආසන්න මුදලින් වැඩි ප්‍රමාණයක් වෙනත් ගිණුම්වලට බැර කර තිබුණා.

කෙසේ නමුත්, හැකර්වරුන්ගේ අනවසර පිවිසීමෙන් ඩොලර් පන්ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇති බව එමගින් සඳහන් කළා.

පරිඝනක වෛරසය ඇතුළු කොට තායිවාන බැංකුවෙන් ඉවත් කළ මුදල්වලින් ඩොලර් මිලියන 1.3ක් එවා තිබුණේ ශ්‍රී ලංකාවටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories