අතුරුදන් කොළොන්නාවේ තරුණියන් ගැන දුරකථන ඇමතුම් ඔස්සේ පරීක්ෂණ

Wednesday, 18 October 2017 - 7:47

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අතුරුදන්වූ කොළොන්නාවේ තරුණියන් තුන්දෙනා සෙවීමේ පරික්ෂණ පුළුල් කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඉන් එක් තරුණියකගෙන් ඇගේ ස්වාමිපුරුෂයාට ලැබුණේ යැයි කියන දුරකථන ඇමතුම් 2 ක් පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය පවසන්නේ.

මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය පොලිස් ස්ථාන ඊයේ එම දුරකථන ඇමතුම් පරීක්ෂා කිරීම වෙනුවෙන් අලූත්කඩේ අධිකරණයෙන් නියෝගයක්ද ලබාගෙන තිබෙනවා.

ඊට අමතරව එම තරුණියන් සිටින බවට තොරතුරු ලැබුණු අනුරාධපුර සහ හොරණ ප්‍රදේශවල සී.සී.ටී.වී පරීක්ෂාවක්ද සිදුකළ බවයි පොලීසිය සඳහන් කළේ.

එහෙත් එමගින් අතුරුදන් තරුණියන් පිළිබඳව නිවැරදි තොරතුරු අනාවරණ කරගැනීමට පොලීසියට හැකියාව ලැබී නැහැ.

පසුගිය සෙනසුරදා සිට අතුරුදන්ව ඇති මෙම තරුණියන් තුන්දෙනා කොළොන්නාව - සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට ගිය ඔවුන් අනතුරුව රෙදිපිළි මිලට ගැනීම සඳහා පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වුණා.

19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා, 15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා සහ 14 හැවිරිදි ශරිත්‍රා ස්වේතා මෙලෙස අතුරුදන්ව සිටින තරුණියන්.

මේ අතර, පැහැරගැනීමට ලක්වූ බව කියන රාජගිරිය - මොරගස්මුල්ලේ පදිංචි තරුණයා තම භාරයේ සිටින බවට පොලීසිය සඳහන් කළ බව ඔහුගේ ඥාතීන් පවසනවා.

ඊයේ හිරු ප්‍රවෘත්ති තුළින් මේ පිළිබඳව අනාවරණ කිරීමෙන් පසු පොලීසිය පැමිණ අදාළ පුද්ගලයා තමන් වෙතට ගෙනවිත් පෙන්වා යළි රැගෙන ගිය බවයි ඥාතීන් වැඩිදුරටත් කියා සිටියේ.

රාජගිරිය - මොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය 15 වනදා රාත්‍රියේ බොරැල්ල වෝඩ් පෙදෙසේ වෙළඳසැලක් ඉදිරිපිටදී පැහැරගැනීමකට ලක්වූ බව ඔහුගේ ඥාතීන් සඳහන් කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories