අතුරුදන් වූ කොළොන්නාවේ තරුණියන් තිදෙනාගෙන් මල්කි සහ යසන්ති පොලිසියට එයි

Wednesday, 18 October 2017 - 10:56

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අතුරුදන්වූ කොළොන්නාවේ තරුණියන් තුන්දෙනාගෙන් දෙදෙනෙක් පොලිසියට පැමිණ ඇති බව තමන්ට පොලිසියෙන් දැනුම් දුන් බව එම තරුණියකගේ ඥාතියකු සඳහන් කළා.

ඔවුන් ගම්පහ සිට පොලිසියට පැමිණි බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ඔවුන් වැල්ලම්පිටිය පොලිසියට පැමිණ ඇති බවයි එම ඥාතියා පැවසුවේ.

ඔවුන් සෙවීමට පොලීසිය පුළුල් පරීක්ෂණයක් දියත් කළා.

මෙසේ අතුරුදන් වී සිටියේ 19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා නමැති විවාහක තරුණියක්, අසල්වැසි  15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා සහ 14 හැවිරිදි ශරිත්‍රා ස්වේතා යන අයයි.

19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා හා  15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා මෙසේ පොලිසියට පැමිණ තිබෙනවා.

14 හැවිරිදි ශරිත්‍රා ස්වේතා ද මොවුන් සමග සිට ඇති බව දැනගන්නට ඇතත් නිවැරදි තොරතුරක් නොමැති බව යසන්ති මධුෂානි පෙරේරාගේ මව හිරු වෙත සඳහන් කළා.

මෙම එක් තරුණියකගෙන් ඇගේ ස්වාමිපුරුෂයාට ලැබුණේ යැයි කියන දුරකථන ඇමතුම් 2 ක් පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය කලින් සඳහන් කලේ.

මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය පොලිස් ස්ථාන ඊයේ (17) එම දුරකථන ඇමතුම් පරීක්ෂා කිරීම වෙනුවෙන් අලූත්කඩේ අධිකරණයෙන් නියෝගයක්ද ලබාගෙන තිබුනා.

ඊට අමතරව එම තරුණියන් සිටින බවට තොරතුරු ලැබුණු අනුරාධපුර සහ හොරණ ප්‍රදේශවල සී.සී.ටී.වී පරීක්ෂාවක්ද සිදුකළ බවයි පොලීසිය සඳහන් කළේ.

එහෙත් එමගින් අතුරුදන් තරුණියන් පිළිබඳව නිවැරදි තොරතුරු අනාවරණ කරගැනීමට පොලීසියට ඊයේ (17) හැකියාව ලැබී නැහැ.

පසුගිය සෙනසුරදා සිට අතුරුදන්ව ඇති මෙම තරුණියන් තුන්දෙනා කොළොන්නාව - සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට ගිය ඔවුන් අනතුරුව රෙදිපිළි මිලට ගැනීම සඳහා පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වුණා.

19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා, 15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා සහ 14 හැවිරිදි ශරිත්‍රා ස්වේතා මෙලෙස අතුරුදන්ව සිටින තරුණියන්.


 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories