එරාවුර් හීදි මවක් සහ පුත්‍රයෙකු ඝාතනය කෙරේ

Wednesday, 18 October 2017 - 13:38

%E0%B6%91%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%8A+%E0%B7%84%E0%B7%93%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
එරාවුර් - මුරුගන් කෝවිල ආසන්නයේ පිහිටි නිවසක් තුළ තිබී ඝාතනය කරන ලද මවකගේ සහ ඇගේ පුත්‍රයාගේ සිරුරු හමුවී තිබෙනවා.

අද (18) පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම සිරුරු සොයා ගත් බවයි එරාවුර් පොලීසිය සදහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි මවක් සහ 11 හැවිරිදි ඇගේ ප්‍රත්‍රයායි.

ඝාතනය කරන ලද කාන්තාවගේ ස්වාමි පුරුෂයා විදෙස් ගතව සිටින අතර, මොවුන් දෙදෙනා නිවසේ තනිව ජීවත් වී ඇති බව පොලීසිය සදහන් කළා.

ඊයේ රාත්‍රී නිවසට පැමිණි පුද්ගලයෙකු මුගුරකින් පහරදී මෙම ඝාතන සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories