තවත් පක්ෂ 4ක් පොදුජන පෙරමුණ සමග එක්වෙයි (ඡායරූප)

Wednesday, 18 October 2017 - 16:15

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තවත් පක්ෂ 4ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්ව තිබෙනවා.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නායකත්වය දරන දෙමළ එක්සත් නිදහස් පෙරමුණද ඒ අතර වනවා.

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් බිහි වූ ජනතා සේවක පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ, ශ්‍රී ලංකා ලිබරල් පක්ෂය ද මෙසේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමු වී පොදුජන පෙරමුණට සහය දීමට කැමැත්ත පළ කර තිබෙනවා.

ඊයේ හා අද(18) මෙම පක්ෂ නියෝජිතයන් කොළඹ නෙලුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ දී බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා මුණ ගැසී තිබෙනවා.

මේ අතර කඳුරට ජාතික පෙරමුණ එළඹෙන පළාත් පාලන ඡන්දයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව තරග කිරීමට මිට පෙර එකඟතාව පළ කළා.

පසුගිය ජනාධිපතිවරණය හා මහා මැතිවරණයේ දී කඳුරට ජාතික පෙරමුණ වර්තමාන ආණ්ඩුව දිනවීමට කටයුතු කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories