කප්පම් ඉල්ලන දුරකතන වෛරසය

Thursday, 19 October 2017 - 20:06

%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA
පරිගණකවල පැතිරීගිය දත්ත භාවිතයට ගත නොහැකි ලෙස වෙනස් කරන වයිරසය වෙනත් මුහුණුවරකින් මේ දිනවල ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනවල ශීඝ්‍රයෙන් පැතිර යන බවට පරිගණක වෛරස පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂකයින් අනතුරු අඟවනවා.

ඔවුන් පවසන්නේ මෙම වෙනස් කළ දත්ත යළි භාවිතයට ගැනීමට නම් කප්පම් මුදලක් ලබා දෙන ලෙස වයිරසයේ නිර්මාපකයින් සඳහන් කරන බවයි.

ඩබල් ලොකර් නම් වූ මෙම රැන්සම් වර්ගයේ වෛරසය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකතනවලට ස්ථාපිත වන්නේ අන්තර්ජාලය භාවිත කරන අතරතුරදීයි.

ඔබ පිවිසි වෙබ් අඩවියක් නැරඹීමට නොහැකි බව යනාදී පණිවිඩයක් සඳහන් කරමින් ඇඩොබ් ෆ්ලෑෂ් ප්ලේයර් නම් යෙදුමේ ව්‍යාජ සංස්කරණයක් ඔබේ ජංගම දුරකතනයට ස්ථාපිත කරන ලෙසට එහිදී සඳහන් කෙරෙනවා.

එය බාගත කරගැනීමෙන් පසු ගූගල් සමාගමේ සේවා ලබාගැනීම සඳහා අවසර දෙන මෙන් ඔබට පණිවිඩයක් ලැබෙනවා.
 
ඊටද ඔබේ අවසරය හිමිවන්නේ නම් ඩබල් ලොකර් නම් වූ වෛරසය ඔබේ ජංගම දුරකතනයේ ස්ථාපිතවන අතර එසැණින් අදාළ වෛරසයෙන් ඔබේ ජංගම දුරකතනයේ සියලු දත්ත පරිශීලනය කළ නොහැකි තත්ත්වයට පත්කරනවා.

ඊට අමතරව ජංගම දුරකතනයේ මුරපදයද වෙනස් කරමින් අදාළ වෛරසය පවසන්නේ යළි ජංගම දුරකතනයේ තිබූ දත්ත ලබාගැනීමට නම් පැය 24 ක් තුළ කප්පම් මුදලක් ගෙවන ලෙසයි.

කප්පම් මුදල් ලබන්නා කවුදැයි සොයාගැනීමටද මෙහිදී හැකියාවක් නොලැබෙන්නේ අදාළ මුදල බිට් කොයින් නැමති අන්තර්ජාල ගෙවීම් ක්‍රමය හරහා සිදුවන බැවින්.

මෙම කප්පම් මුදල ගෙවිම හෝ ඔබේ ජංගම දුරකතනයේ සියලු දත්ත මකා දමීම හැර වෙනත් ප්‍රතිකර්මයක් මෙම වෛරසය සඳහා මෙතෙක් සොයාගෙන නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories