දික්වැල්ලේ දී සුනඛයෙකු සපාකෑ ප්‍රංශ ළමයෙකු සිය රටදී මියයයි

Friday, 20 October 2017 - 16:46

%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%91+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතරතුර අයාලේ යන සුනඛයෙකු සපා කෑ ප්‍රංශ ජාතික ළමයෙකු සිය රටට ගිය පසු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දස හැවිරිදි මෙම ප්‍රංශ ජාතික ළමයා සිය දෙමාපියන් සමඟ පසුගිය අගෝස්තු මාසයේ මෙරට සංචාරයක නිරත වී ඇති අතර, සුනඛයෙකුගේ සපා කෑමට ලක්ව ඇත්තේ දික්වැල්ල වෙරළ තීරයේදීයි.

එම සිද්ධිය පිළිබඳ ඔහුගේ දෙමාපියන් වැඩි සැලකිල්ලක් නොදක්වා ඇති අතර, එම ළමයාට මේ මස මුලදී ජලභීතිකා රෝග ලක්ෂණ ඇති වී තිබෙනවා.

තත්වය බරපතල වීමෙන් අනතුරුව පසුගිය 16 වනදා එම ප්‍රංශ ජාතික ළමයා ජීවිතක්ෂයට පත්වූ බව ප්‍රංශයේ පාස්චර් ආයතනය සඳහන් කළා.

මෙම ළමයාට ජලභීතිකා රෝග ලක්ෂණ පහළ වීමත් සමඟ ඔහුගේ දෙමාපියන් මෙන්ම සමීපතම පුද්ගලයන් 60 දෙනෙකුට පමණ එන්නත් ලබාදීම සිදුකර තිබෙනවා.

1924 න් පසු ප්‍රංශයේ නාගරික ප්‍රදේශවල කිසිවෙකු සුනඛයන්  සපාකෑමෙන් ජලභීතිකා රෝගයට ගොදුරු වී නැහැ.

එහෙත් විදෙස් සංචාරයන්හිදී ප්‍රංශ ජාතිකයන් 23 දෙනෙකුට පසුගිය කාලය තුළ රෝගය ආසාදනය වී ඇති බව සඳහන්.

අතිශය මාරාන්තික ජල භීතිකා රෝගය එන්නත්කරණය මගින් සියයට සියයක්ම වළක්වාලිය හැකි රෝගයක්.

ජලභීතිකා රෝගය වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කොළඹ මහනගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරි විපුල ධර්මවර්ධනගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ මීට වසර 10 කට පෙර ජල භීතිකා මරණ සියයක් වාර්තා වුව ද මේ වනවිට එය 35 ත් 45 ත් අතර අගයක පවතින බවයි.

සැකකටයුතු සුනඛයෙකු සපාකෑමෙන් අනතුරුව ගත යුතු පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය විපුල ධර්මවර්ධන කියා සිටියේ පිරිසිදු ජලයෙන් එම තුවාලය සෝදා වහාම රජයේ රෝහලකට ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories