අන්ධ වුවත්, දහසකුත් බාධා මැද මැටි අනමින් එදා වේල සරිකරගන්නා දිරිය තරුණයා

Friday, 20 October 2017 - 17:56

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD+%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F
නිවසක තනිව දිවිගෙවන 30 හැවිරිදි ඇස් නොපෙනෙන තරුණයෙකු පිළිබඳ තොරතුරු වැල්ලවාය, ආනපල්ලම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

ප්‍රදේශවාසීන් විසින් බන්දු ලෙස අමතන මෙම පුද්ගලයාගේ නම පී.කේ.චන්ද්‍රසිරි වන අතර ඇස් නොපෙනී ගොස් තිබුණේ ඔහුට වයස අවුරුදු 5දීයි.

වයස අවුරුදු 4දී ඔහුගේ මව මියගොස් ඇති අතර පියා මෑතකදී හෘදයාබාධයකින් මරණයට පත්ව ඇති බවත් ඔහු එතැන් පටන් තනිවම එම නිවසේ දිවි ගෙවන බවත් සඳහන්.

ඔහුට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකු සිටින අතර විවාහ වී එම ප්‍රදේශයේම දිවිගෙවන නමුත් ඔවුන්ගේ අගහිඟකම් හේතුවෙන් මෙම තරුණයාට සැලකීමට නොහැකි වී තිබෙනවා.

මෙම පුද්ගලයා ප්‍රදේශයේ ගඩොල් කපන ස්ථාන කිහිපයකට ගොස් මැටි අනමින් එදා වේල සරිකර ගැනීමට රුපියල් 300ක් හෝ 400ක් උපායාගනු ලබනවා.

දිනකට තුන් වේලම කුසගිනි පුරවා ගැනීමට එම මුදල ප්‍රමාණවත් නොවුනත් එක් වේලක් පමණක් ඉන් පිරිමසා ගැනීම සඳහා අන්ධ වුවත් සිය රාජකාරියේ යෙදෙමින් මොහු දක්වන උනන්දුව අගය කළ යුතුයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories