පොලීසියේ හතකට ස්ථාන මාරු

Saturday, 21 October 2017 - 10:07

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%AD%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසම විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් 7 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති නුවරඑළිය කොට්ඨාශයටත්, ගල්ගමුව පොලිස් ස්ථානාධිපති ගොකරැල්ල කොට්ඨාශයටත් මාරු කර යවා ඇති බවයි.

එසේම වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපති ගල්ගමුවටත්, මුරුක්කන් පොලිස් ස්ථානාධිපති වෙන්නප්පුවටත් මාරු කර ඇති අතර, මහනුවර පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපති තිරුක්කෝවිල් පොලිස් ස්ථානයටත් මාරු කර යවා තිබෙනවා.

මීට අමතරව තිරුක්කෝවිල් වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා රත්තොට පොලිස් ස්ථානාධිපති ලෙස මාරු කර යවා ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories