මහගිරිදඹට කඩා වැටුනු කසල කන්ද ඉවත් කිරීම ඇරඹෙයි (ඡායාරූප)

Saturday, 21 October 2017 - 16:36

%E0%B6%B8%E0%B7%84%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B6%B9%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රී පාද මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයට කඩාවැවී ඇති කසල කන්ද ඉවත් කිරීම යුද හමුදාව විසින් ආරම්භ කර තිබෙනවා.

වන්දනාකරුවන් විසින් උඩ මලුවට රැගෙන ගොස් මුදාහැර තිබු පොලිතින් / ප්ලාස්ටික් ඇතුලු ඝන අපද‍්‍රව්‍ය සහ කැළි කසල තොගයකුයි පසුගිය 10 වනදා පැවති අයහපත් කාලගුණයත් සමග කඩා වැටී තිබුනේ.

කසල තොගය මහගිරිදඹ වැලමිට වංගුව ප්‍රදේශයේ ස්ථාන දෙකකින් කඩා වැටී පියගැට පෙළේ රැඳී තිබෙනවා.

මේ හේතුවෙන් පියගැට පෙළට සහ ආරක්ෂිත වැටට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙම කසල තොගය නල්ලතන්නිය දක්වා රැගෙන ඒමට රැස් කර තිබියදී පැවති වර්ෂාවත් සමග කඩාවැටී ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් ප්‍රකාශකර තිබෙනවා.

මෙම කසල තොගය මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භයට පෙර ඉවත් කර අලාභ හානි සිදුව ඇති පියගැට පෙළ සහ ආරක්ෂිත වැට යථා තත්වයට පත් කිරීමට ශ්‍රී පාද භාරකාර මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වන මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී පොලිතින් සහ ඝන අපද‍්‍රව්‍ය භාවිතයට පනවා ඇති නීති තවත් දැඩි කිරීමට බලාපොරොත්තුවන බව ශ්‍රී පාද භාරකාර මණ්ඩලය අවධාරණය කර තිබෙනවා.


ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories