වරාය නගරයට වැලි කැනීම ගැන වාර්තාවක් කැදවයි

Sunday, 22 October 2017 - 12:53

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරයට වැලි ලබා ගන්නා මීගමුව වෙරළ කලාපයේ වර්තමාන තත්ත්වය පිළිබදව වාර්තාවක් ලබාදෙන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මීගමුව ප්‍රදේශයේ ධීවරයින් පිරිසකගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම වාර්තාව කැදවූ බවයි.

වෙරළේ සිට කිලෝමීටර් 7ක් දුරින් වැලි කැණීම සිදුකළ යුතු වුවද එම සීමාවට මෑතින් වැලි කැණීම සිදුවන බවටයි එම ධීවරයින් පැමිණිලි කර ඇත්තේ. මේ පිළිබදව වහාම විමර්ශනයක් සිදුකොට වාර්තාවක් ලබාදෙන ලෙස තමන් මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයට දැනුම් දුන් බවයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති වැඩිදුරටත් කියා සිටියේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා වැලි ඝන මීටර් මිලියන 70ක් පමණ අවශ්‍ය වන අතර, තවමත් ගොඩ කිරීම් සඳහා යොදාගෙන ඇත්තේ ඝන මීටර් මිලියන 30ක් පමණයි.

මේ නිසා ඒ සඳහා ප්‍රමාණවත් වැලි ලබා ගැනීමට නව නිධි අවශ්‍ය වන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය රජය වෙත දැනුම් දී ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories