මහ මැතිවරණයදා ජපානයට මාරුතයක්

Sunday, 22 October 2017 - 17:10

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%AF%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අගමැති ෂින්සෝ අබේට නැවතත් ජපාන නායකත්වය හිමිවිය යුතුදැයි තීරණය කරන මහ මැතිවරණය පැවැත්වෙද්දී ජපානයට අද සුළි කුණාටුවකින් විශාල බාධා පැමිණුනා.

දකුණු දිග ජපානයෙන් ඇතුලු වූ ලෑන් සුළිසුළඟ ඊසාන දෙසට ගමන් කරද්දී බොහෝ ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ඇතිවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සුළි සුළඟ හෙට අලුයම් කාලයේ ටෝකියෝ ආසන්නයෙන් යළි ජපාන ගොඩබිමට සේන්දු වනු ඇති.

ලෑන් සුළිසුළඟ හේතුවෙන් ජපානයේ විවිධ ප්‍රදේශවල 70 000 ක් පමණ ජනතාවට ඉවත්වන ලෙස දැනුම්දී ඇති අතර, ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කිරීමට සිදුවී තිබෙනවා.

පැයට කිලෝමීටර් 162 ක පමණ වේගයකින් හමන සුළි සුළඟ හේතුවෙන් අද ජපානයේ දුම්රිය ගමන්ද අඩාල වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories