කම්කරුවන් දෙදෙනෙකුට අධිවේගයෙන් මරු කැඳවූ අධිවේගී මාර්ගයේ අනතුර

Monday, 23 October 2017 - 6:43

%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
කටුනායක අධිවේගී මාර්ගයේ තණකොළ කපමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අදාළ මෝටර් රථයේ රියදුරාට නින්ද ගොස් රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවයි.

කටුනායක අධිවේගී මාර්ගයේ පමුණුගම ප්‍රදේශයේ එල් -15/4 කිලෝමිටර් කනුව අසලදී පසුගියදා (21) පස්වරුවේ මෙම අනතුර සිදුවුණා.

අදාළ මෝටර් රථය කොළඹ සිට කටුනායක දෙසට ගමන් කර ඇති අතර, එම අවස්ථාවේදී මාර්ගය අයිනේ වැඩ කරමින් සිටි කම්කරුවන් දෙදෙනාගේ ගැටී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ තුවාල ලැබූවන් ජාතික රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිටි බවයි.

ඔවුන් දෙදෙනාම ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතරල 41 වන සහ 55 වන වියේ පසුවනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories