අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

Monday, 23 October 2017 - 9:58

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැකිියි.

එමෙන්ම පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා කල්මුණේ දක්වා මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories