Hirunews Logo
%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1
Tuesday, 14 November 2017 - 15:43
තරුණ ගුරුවරියකට අතවර කළ ගුරුවරයෙකු ගැන විමර්ශන
8,842

Views
ආණමඩුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක සේවය කරන තරුණ ගුරුවරියකට අතවර කිරීමට තැත්කළ ගුරුවරයෙකු සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ගුරුවරිය වයස අවුරුදු 29ක් වන අවිවාහකතරුණියක්.

සිද්ධියට සම්බන්ධ ගුරුවරයා වයස අවුරුදු 30ක් වූ විවාහක පුද්ගලයෙකු බව පොලිස් විමර්ශන වලදී අනාවරනය වී තිබෙනවා.

අධික වර්ශාවක් පැවති පසුගිය දිනෙක පාසල නිමාවීමෙන් පසුව ගුරුවරිය, ගුරු විවේකාගාරයේ තනිව සිට තිබෙන බවයි අප වාර්තාකරු කියා සිටියේ.

එම අවස්ථාවේදී ගුරු විවේකාගාරයට පැමිණි සැකකාර ගුරුවරයා “ඔයා මට බයද?” යැයි ගුරුවරියගෙන් විමසා තිබුණා.

“බය වෙන්න ඔයා යකෙක්ද?” කියා ගුරුවරිය පෙරළා විමසා තිබෙනවා.

එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ ගුරුවරයා, ඇයව සිප වැළදගෙන, ඇයගේ පියයුරු මිරිකා ඇති බවයි ගුරුවරිය විසින් කළ පැමිණිල්ලේ සඳහන් වී ඇත්තේ.

සිද්ධියට මුහුණ දී ඇති ගුරුවරියගේ මවද විශ්‍රාමික විදුහල්පතිනියක් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නිළධාරීන් ගුරුවරිය සහ ඇයට අතවර කිරීමට උත්සාහ කළ බව කියන ගුරුවරයා පාසල් 2කට මාරු කර තිබෙනවා.

වැඩිදුර විමර්ශන නවගත්තේගම පොලීසිය මගින් ක්‍රියාත්මකයි.

පුත්තලම - ජුඩ් සමන්ත
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කොහු කර්මාන්තයේ හෙට දවස
Wednesday, 25 April 2018 - 10:52
මුන්දලම, මදුරන්කුලිය, කරිකට්ටිය ප්‍රදේශයේ ස්වයං රැකියාවක් ලෙස සුළු හා මධ්‍යම පරිමාණ වශයෙන් පවත්වාගෙන... Read More
News Image
Hiru News Programme Segments
382 Views
24,216 Views
2,630 Views
1,108 Views
374 Views
26,294 Views
Top