Hirunews Logo
%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%84%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9C%E0%B7%98%E0%B7%84+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+27+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
Tuesday, 14 November 2017 - 17:22
කුවේට් හි රැඳී සිටි ගෘහ සේවිකාවන් 27 දෙනෙකු දිවයිනට
2,065

Views
කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ හිරිහැරවලට ලක්වූ කාන්තාවන් 27 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලෙන් අද උදෑසන යළි දිවයිනට පැමිණියා.

මොවුන් අතුරෙන් 4 දෙනෙකු සංචාරක වීසා උපයෝගී කරගනිමින් රැකියා සඳහා ගොස් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

සේවා ගිවිසුම් කාලය ඉකුත්වීම මෙන්ම රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් මෙම පිරිස කුවේට් හි සුරක්ෂා නිවාසයේ මේ දක්වා රඳවා සිටියා.

අද දිවයිනට පැමිණි කාන්තාවන් අතුරෙන් දෙදෙනෙකු අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සූර්ය දිව්‍ය රාජ මංගල්‍යය මහත් හරසරින් සැමරේ
Monday, 15 January 2018 - 9:41
අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනය හෙවත් තෛපොංගල් දිනය ලොව... Read More
News Image
Hiru News Programme Segments
338 Views
10,131 Views
22 Views
709 Views
210 Views
11,718 Views
Top