ස්ථානාධිපතිවරයෙකු පොලිස් කොස්තාපල්වරියක් යොදාගෙන ශරීරය සම්භාහනය කර ගනී

Tuesday, 14 November 2017 - 18:14

%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ පොලිස් ස්ථානයක් තුළ පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින් පොලිස් කොස්තාපල්වරියක් යොදා ගනිමින් සිය ශරීරය සම්භාහනය කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

තෙලන්ගානා ප්‍රාන්තයේ කට්වාල් පොලිස් ස්ථානයේ අශාල් නමැති පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙය සිදු කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සිද්ධිය දැක්වෙන වීඩියෝව මේවන විට අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

වීඩියෝවේ දැක්වෙන ආකාරයට පොලිස් විවේකාගාරයේදී මෙය සිදුව ඇති බවයි දක්නට ලැබෙන්නේ.  

මෙවැනි සිද්ධියක් මීට පෙර ඉන්දියාවේ සරෝනගර් පොලිසියෙන් වාර්තාවී ඇති අතර අහිදී පොලිස් ස්ථානාධිපතිවරයා සම්භාහන කටයුතු කරගෙන තිබෙන්නේ පොලිස් කොස්තාපල්වරයෙකු යොදාගනිමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories