Hirunews Logo
%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+IMF+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA
Tuesday, 14 November 2017 - 18:43
අයවැය IMF අරමුණු ඉටු කිරිමට සැකසු එකක් - ඒකාබද්ධ විපක්ෂය
1

Shares
164

Views
මෙවර අයවැය ලේඛනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අරමුණු ඉටු කිරිම සදහා සැකසු එකක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.

‘‘ මේ අය වැය ලේඛනය ඉදිරිපත් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිරකරුවෙක් විදිහට. අපනයනකරුවන්ට, පුණ්‍යායතනවලට, කලාකරුවන්ට, සේවක අර්ථසාධක අරමුදලට, සතොසට, සමුපකාර ව්‍යාපාරයට මේ සියලු දේට මහින්ද රාජපක්ෂ යුගයේ ලබා දී තිබූ බදු සහන නිදහස් කිරීම් සියල්ල අහෝසි කළා. එතකොට ඒ සියල්ල දේශීය ආදායම් පනතෙන් අහෝසි වුණාම මේ අය වැය ලේඛනයේ සිට ඒ බදු ඒ සියලු පාර්ශ්වයන් විසින් ගෙවන්න වෙනවා. ගෙවන්න වීම තුළින් රජයේ බදු ආදායම ඉහළ යනවා සියයට 93 කින් අපේ යුගයට වඩා මේ සෘජු බදු. මේ අය වැයේ ජනතාව මත පැටවෙන අසීමිත බදු පීඩනය පිළිබඳ අද කවුරුත් සාකච්ඡා කරන්නේ නැහැ. සාකච්ඡා කරන්නේ නැත්තේ අපේ බෙන්තර ගඟෙන් එගොඩ අපේ මුදල් අමාත්‍යතුමා ඉතාම සූක්ෂම ලෙස අය වැය කරුණු 4 කට ගොනු කරලා තියෙනවා. බියර් බදු අඩු කිරීමල සෙලියුලර් බද්ද පැඩි කිරීම, මෝටර් වාහන, බැංකු ගනුදෙනු කියන කරුණු 4 ට ආණ්ඩුව විපක්ෂය පාර්ලිමේන්තුව මාධ්‍ය ආයතන සියල්ල කොටු කරලා තියෙනවා.
’’
එම මාධ්‍ය හමුවට එක්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්.පීරිස් මෙවර අයවැය පිළිබඳව සහ අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අදහස් පළ කළා.

‘‘ ගරු මුදල් ඇමතිතුමා කියනවා සහන ජනතාවට ලබාදීම සඳහා රජයට වියදම් කිරීමට සිදුවෙනවා කියලා එක මාසයකට රුපියල් බිලියන එක හමාරක්. ඒ කියන්නේ මුළු අවුරුද්දටම රජයට දරන්න වෙන වියදම රුපියල් බිලියන 18 යිග සහන ලබාදීම සඳහාග හැබැයි ගිය වර්ෂය සහ සන්සන්ධනය කරන කොට වක්‍ර ආකාරයෙන් ජනතාවට පැටවෙන බදු වැඩිවෙලා රුපියල් බිලියන 649 කින්. බිලියන 18 ක සහනයක් දෙනවා. රු,බි. 649 ක් වක්‍ර බදු හැටියට භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ඒ බර දරා ගැනීමට ජනතාවට සිදුවෙනවා. දැන් මේකට මුදල් ඇමතිතුමා කියනවා සුදුසු නම මැදමුලන බද්දක් කියලා. අපි යෝජනා කරනවා මේකට උචිත නම මැදමුලන බද්ද නෙමෙයි මහ බැංකු මගඩි බද්ද කියලා. අගමැතිතුමා මහ හඬින් රටට දැන්වුවා මම බලාගෙන ඉන්නේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. රටත් බලා සිටිනවා අගමැතිතුමා කවදාද එන්නේ. අගමැතිතුමා මොනවාද කියන්නේ. එතුමාගෙන් හරස් ප්‍රශ්න අහනකොට එතුමා දෙන පිළිතුර මොනවාද? රටට බොරු කියලා වැඩක් නැහැ. ඒක රංගනයක්.
’’
මේ අතර, බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදෙන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරය අනිද්දා දිනයේදී නිල වශයෙන් නිවේදනය කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එම කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සූර්ය දිව්‍ය රාජ මංගල්‍යය මහත් හරසරින් සැමරේ
Monday, 15 January 2018 - 9:41
අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනය හෙවත් තෛපොංගල් දිනය ලොව... Read More
News Image
Hiru News Programme Segments
338 Views
10,131 Views
22 Views
709 Views
210 Views
11,718 Views
Top