Hirunews Logo
%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 14 November 2017 - 18:45
අයවැයෙන් යෝජනා කළ පනත් සංශෝධනයට ඉඩ නොතබන බව ජවිපෙ කියයි
185

Views
අයවැයෙන් යෝජනා කළ රේගු, කුඹුරු ඇතුලූ පනත් වෙනස් කිරීමට ඉඩ ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

‘‘ ලිබරල්කරණය වේගවත් කිරීම යන තේමාව යටතේ තමයි මේ අණ පනත් සියල්ල සංශෝධනය කරලා තියෙන්නේ. රේගු පනත, සාප්පු හා කාර්යාල පනත, රටේ ඉඩම් ආඥා පනතල කුඹුරු පනත, අධ්‍යාපන පනත ආණ්ඩුව මේ හඳුනාගෙන තිබෙන අණ පනත් වෙනස් කරන්න යන්නේ. නැත්නම් අහෝසි කරන්න යන්නේ ආණ්ඩුවේ වර්තමාන ආර්ථික උපාය මාර්ග වෙලා තියෙනවා රටේ තියෙන සියලුම ජාතික සම්පත් විකුණලා දාලා ස්වෛරී ආර්ථිකයේ ඉතිරිවෙලා තියෙන සොච්චමත් ගිල ගැනීම අරමුණු කරගෙන තමයි මෙන්න මේ පනත් වෙනස් කරන්න ආණ්ඩුව දරණ උත්සාහය පරාජයට පත් කළ යුතුයි. ඒ සඳහා ඉදිරිපත් වෙන්න කියන එක අපි ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ සෑම බලවේගයකින්ම ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ මේ ඉතාම වැරදි අමනෝඥ තීන්දුව වෙනස් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් අපට කළ හැකි උපරිම මැදිහත්වීම කරලා ස්ථිර වශයෙන් මෙය පරාජයට පත්කරනවා. අපි පාරේ පරද්දනවා. ’’

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සූර්ය දිව්‍ය රාජ මංගල්‍යය මහත් හරසරින් සැමරේ
Monday, 15 January 2018 - 9:41
අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනය හෙවත් තෛපොංගල් දිනය ලොව... Read More
News Image
Hiru News Programme Segments
204 Views
10,038 Views
21 Views
647 Views
195 Views
11,617 Views
Top