Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Tuesday, 14 November 2017 - 18:49
විභාග කොමසාරිස් ජනරාල්වරයාට මාරුවක්
2,526

Views
වහාම ක්‍රියාත්මක වන පරිදි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මාරුකර යවා තිබෙනවා.

ඒ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ දිනවල සිදුකෙරෙන විශේෂ විමර්ශනය අතරතුරයි.

විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදුවූ විභාග පැවැත්වීම්, උත්තර පත්‍ර පරීක්ෂාව, ප්‍රශ්න පත්‍ර සම්පාදනය ඇතුලූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම විමර්ශනය පැවැත්වෙනවා.

අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාග දෙපාර්තමේන්තුවේ සිට අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇත්තේ අදාළ විමර්ශන කණ්ඩායමේ නිර්දේශයන් සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා පරීක්ෂණය අතරතුර තමාට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමක්ද සැළකිල්ලට ගනිමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
396 Views
3,430 Views
5,666 Views
4,936 Views
65 Views
4,967 Views
Top