Hirunews Logo
%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Tuesday, 14 November 2017 - 18:56
රිමාන්ඩ් භාරයේ සිටින හිටපු බුද්ධි අංශ නිලධාරියෙකුගේ නැන්දණිය සියදිවි හානි කරගනී
1,055

Views
මාස 9 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස කටයුතු කළ කමාන්ඩර් සුමිත් රණසිංහගේ නැන්දණිය සියදිවි හානිකරගෙන තිබෙනවා.

ගිරිඋල්ල - මනහරගම - තලගහමුල්ල වත්ත ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි ආර්.පී. මේරි නැමති මෙම කාන්තාව ඊයේ අලූයම මෙලෙස සිය දිවිහානි කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සුමිත් රණසිංහ ඇතුලූ නාවික හමුදා නිලධාරීන් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කොළඹදී තරුණයින් පස්දෙනෙකු ඇතුලූ පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාව මතයි.

මීට අදාළ නඩුව නොවැම්බර් 10 වනදාට යෙදී තිබූ අතර, මහේස්ත්‍රාත්වරයා නොමැතිවීම හේතුවෙන් එය දෙසැම්බර් 7 වනදා දක්වා කල් ගොස් තිබෙනවා.

අවස්ථා කිහිපයකදීම අධිකරණයෙන් ඇප අයදුම් කළද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විරුද්ධත්වය හේතුවෙන් ඇප ලබාදීම සිදු නොකළ බවයි අදාළ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ නීතීඥවරයා සඳහන් කළේ.

තමන් සහ දරු දෙදෙනා ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වන හෙයින් නඩු වාරයේදී සැමියා හට ඇප හිමිවනු ඇති බවට තම මව, දැඩි ලෙස විශ්වාස තැබූ බව සුමිත් රණසිංහගේ බිරිඳ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මේ අතර, අතුරුගිරිය - කහන්තොට පාර - අලූබෝවත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු ඊයේ ඔහු පදිංචිව සිටි නිවසේදී ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මියයෑමට පෙර ඔහු ලිපියක්ද ලියා ඇති අතර, තමන් ලබාගත් ණය මුදලක් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් සියදිවි හානිකරගන්නා බවට ලිපියේ සඳහන් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මොහු තලවතුගොඩ, මාළඹේ සහ කොට්ටාව ප්‍රදේශයේ ළදරු භාණ්ඩ නිෂ්පාදන ආයතන පවත්වාගෙන ගොස් ඇති අතර, මියගිය පුද්ගලයාගේ දරුවා සහ බිරිඳ වෙනත් නිවසක වාසය කර තිබෙනවා.

මෙම පුද්ගලයා කුලී පදනම මත ලබාගත් නිවසේ තනිව වාසය කර ඇති නමුත් සැමියා කුලී පදනම මත මෙම නිවස ලබාගත් බවට නොදන්නා බවයි මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.

මෙම මරණය සැක සහිත බවට ඇය පොලීසියට සඳහන් කර තිබෙනවා.

එමෙන්ම බලංගොඩ සහ හොරණ - මිල්ලනිය යන ප්‍රදේශවලදීද සියදිවි හානි කරගැනීමෙන් පාසල් දැරියක් ඇතුලූ තුන්දෙනෙකු මියගොස් තිබුණා.

බලංගොඩ - ඇල්ලෙපොළ - රන්දොල ප්‍රදේශයේදී වයස අවුරුදු 10ක පමණ කුඩා දැරියක් ඊයේ ගෙළ වැළලාගෙන මිය ගොස් තිබුණේ සිය නිවස තුළදියි. මෙම දැරිය දින ගණනාවක් පාසල් ගොස් නොමැති අතර, ඇයගේ මව ඒ සම්බන්ධයෙන් ඇයට තරවටු කර තිබෙනවා.

මෙම දැරියගේ පාසල් බෑගයේ තිබී ජංගම දුරකථනයක් ඇගේ මවට මීට දින කිහිපයකට පෙර හමුවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මව විසින් පාසල් ගුරුවරියට දැනුම්දී තිබෙනවා.

ඉන් අනතුරුව මෙම දැරිය පාසල් යාම ප්‍රතික්ෂේප කර ඇති බවයි බලංගොඩ පොලීසිය ප්‍රකාශ කළේ.

මේ අතර, මිල්ලනිය - පරගස්තොට ප්‍රදේශයේ නිවසක් තුළ දී තරුණියක් සහ තරුණයෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබුණේ ඔවුන්ගේ විවාහයට දෙමව්පියන් විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන්.

අදාළ තරුණයා මීට පෙර විවාහ ගිවිස ගෙන දැනට දික්කාසද වී සිටිම හේතුවෙනුයි තරුණියගේ දෙමාපියන් මෙම විවාහයට අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ.

ඊයේ රාත්‍රී මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් සහ එම ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
649 Views
3,722 Views
5,692 Views
5,048 Views
204 Views
5,289 Views
Top