Hirunews Logo
%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
Tuesday, 14 November 2017 - 18:59
ආරක්ෂක හමුදා සාමාජිකයින් වෙත ඉහළ ප්‍රතිලාභ රැසක්
6

Shares
726

Views
ආරක්ෂක හමුදා සාමාජිකයින් වෙත ඉහළ ප්‍රතිලාභ රැසක් හිමිකර දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසු අදාළ හිමිකම් හා ප්‍රතිලාභ කඩිනමින් ලබා දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලබාදීමට නියමිත හිමිකම් හා ප්‍රතිලාභ යටතේ ත්‍රස්තවාදී නොවන වෙනත් හේතුන් මත ක්‍රියාන්විත ප්‍රදේශයන්හිදී සහ ක්‍රියාන්විත නොවන ප්‍රදේශවල මෙහෙයුම් රාජකාරීවල යෙදී සිටියදී මියගිය සහ ආබාධිත වූ රණවිරුවන් සදහා ද මාසික වැටුප් සහ දීමනා ලබාදෙනු ඇති.

ආබාධිතව යුද හමුදා සේවය හැර ගිය රණවිරුවන්ගේ සේවා විශ්‍රාම වැටුප වයස අවුරුදු 55 දී 85‍% ලෙස සංශෝධනය වීමේදි දැනට අහිමි වී ඇති දුබලතා විශ්‍රාම වැටුප ද නැවත ලබාදීමට නියමිතයි.

යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්ව සේවා කාලය අවුරුදු 10 හෝ 12 වඩා අඩු කාලයකින් විශ්‍රාම ගිය හෝ ඉවත්ව ගිය නිලධාරීන්ට සහ සෙසු නිලයන් හට, අහිමි වී ඇති විශ්‍රාම පාරිතෝෂිකය ලබාදෙනු ඇති බද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ස්වෙච්ඡා බලසේනාවේ සේවය කොට විශ්‍රාම ගොස් හෝ මියගොස් ඇති වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයේ සාමාජිකත්වය ලබා ගැනීමට මනාපය පළ කිරීමට නොහැකි වූ විශ්‍රාමික සාමජිකයන්ගේ හා මියගිය සාමාජිකයන්ගේ ප්‍රතිලාභීන් හට නැවත සාමජිකත්වය ලබාදී ප්‍රතිලාභ හිමිකර ගැනීමට කටයුතු කිරීම ද අපේක්ෂිත ප්‍රතිලාභ අතර වනවා.

යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්ව වසර 10 සහ 12ට අඩු සේවා කාලයකින් විශ්‍රාම ගොස් හෝ ඉවත්ව ගොස් ඇති නිලධාරින් හා සෙසු නිලයන් හට අහිමිව තිබූ සේවා විශ්‍රාම වැටුප් හිමිකම ලබා දී 2014.12.17 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි 2016 නොවැම්බර් මස 11 වැනිදා සිට ගෙවීම් සිදු කිරීමට අනුමැතිය ලබා දී තිබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් සහ අබාධිතව වෛද්‍ය හේතූන් මත ඉවත්ව යන රණවිරුවන් හට වයස අවුරුදු 55 දී සියයට 85 ක් ලෙස සංශෝධනය කර ගෙවන විශ්‍රාම වැටුපට ඉතිරි 15‍% ක ප්‍රතිශතය රණවිරු සුරැකුම් දීමනාව ලෙස ප්‍රතිලාභියා මියයන තෙක්ම ගෙවීම මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදී ඇති බවයි.

එමෙන්ම 2006-01- 01 දිනට පෙර විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ විශ්‍රාම වැටුප 6/2006 (IV) වැටුප් සංග්‍රහයට අනුව සංශෝධනය කර 2015-07- 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කර තිබෙන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
396 Views
3,430 Views
5,666 Views
4,936 Views
65 Views
4,967 Views
Top