Hirunews Logo
%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 14 November 2017 - 19:14
බාධාවක් නැතැයි ඡන්ද කොමිසමේ සභාපති කියයි
7

Shares
869

Views
පළාත්පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවන දිනය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා.

මැතිවරණය පැවැත්වීම සඳහා පැවති බාධා මේ වනවිට අවසන්ව ඇති බවයි කළුතර - දොඩන්ගොඩ ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.

මේ අතර පළාත් සභා හා පළාත්පාලන සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ එක්ව කොළඹදී අද පා ගමනක් සංවිධාන කර තිබුණා. ‘‘ඇයට බලයක් - රටට වෙනසක්’’ යන්න තේමා කරගනිමින් මෙය පැවැත්වුණේ ඉදිරි පළාත්පාලන මැතිවරණයේදී සියයට 25 ක අනිවාර්ය කාන්තා නියෝජනයක් හිමිවීම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහායි.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ද එම අවස්ථාවට එක්ව සිටි අතර, එහිදී ඔහු මෙලෙස අදහස් පළ කළා.

‘‘අපේ රටේ යහපාලනය ඓතිහාසික දෙයක් කළා. මේ රටේ කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළු වීමේ අවස්ථාවක් දුන්නා. මීළඟ පළාත් පාලන ඡන්දයෙන් පස්සේ සියලුම පළාත් පාලන ආයතනවල 25‍% ක කාන්තා නියෝජනයක් තිබේ. හැබැයි අපේ බලාපොරොත්තුව ඇමතිගේ මන්ත්‍රීගේ දියණිය හෝ භාර්යාව දාන එක නෙමෙයිග අපි මේ රටේ ප්‍රජා නායකයින් කාන්තාවන්ට ඇද ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඒ නිසා රට පුරා වැඩසටහන් දියත් කරලා තියෙනවා දේශපාලන පක්ෂවලට බලකරන්න නිසි කාන්තා නියෝජනයක් ලබාදෙන්න කියලා. අපි දන්නවා දේශපාලන පක්ෂවල සංවිධායකවරු බොහෝ දුරට කරන්නේ තමන්ගේ දියණිය හෝ දරුවා දාන එක. ඒකට විරුද්ධව තමුන් සියලු දෙනා පෙළ ගැහෙන්න ඕනේ ’’

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
347 Views
3,344 Views
7,230 Views
7,125 Views
95 Views
47,921 Views
Top