Hirunews Logo
%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Tuesday, 14 November 2017 - 19:39
ජාතික සංවිධාන එකමුතුවෙන් චෝදනාවක්
1

Shares
174

Views
ජිනීවාහි හෙට පැවැත්වීමට නියමිත විශ්ව කාලාන්තර සමාලෝචන 28 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට පාවාදීමේ උත්සාහයක රජය නිරත වන බව ජාතික සංවිධාන එකමුතුව අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළා.  

මේ අතර, හෙට රැස්වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සකස් කළ  යෝජනාවක් සාකච්ඡාවට ලක් කිරිමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සෑම රටක්ම සහභාගී වන මෙම විශ්ව කාලාන්තර සමාලෝචන සැසියේදී එක් එක් රටවල් වෙනුවෙන් සකස් කළ මානව හිමිකම් සම්බන්ධ වාර්තා සමාලෝචනයට ලක් කෙරෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ජාතික ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම මානව හිමිකම් සුරක්ෂිත කිරීම, ප්‍රවර්ධනය කිරීම, ඉහළට ඔසවා තැබීම ජාතික සම්මුතිවාදයට රජයේ ඇති දැඩි කැපවීම පෙන්නුම් කරමින් සකස් කළ වාර්තාව හෙට දිනයේදී මානව හිමිකම් සැසියට ඉදිරිපත් කරන බවයි.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම වාර්තාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

ජාතික සංවිධාන එකමුතුව අද කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
649 Views
3,722 Views
5,692 Views
5,048 Views
204 Views
5,289 Views
Top