බිරිඳ, සැමියා ඝාතනය කරයි (ඡායාරූප)

Friday, 17 November 2017 - 10:07

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%2C+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හබරණ ප්‍රදේශයේ කාන්තාවක්, සිය සැමියාට පොරවකින් කොටා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ලක්සිරිගම- හබරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක් වූ නෙළුම් සංජය විතානගේ යන අයයි.

අද (17) අලුයම 4.15ට පමණ මෙම අඹුසැමි යුවල අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙය සිදුවී ඇති අතර බරපතල තුවාල ලැබූ සැමියා හබරණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණා.

ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ මෙම යුවල නිතරම ගුටි බැට හුවමාරුකරගන්නා බවයි.

ඊයේ(16) සවස 3ට පමණ මෙම ආරවුල ආරම්භ වී ඇති අතර එම නිසා මියගිය පුද්ගලයා විසින් සිය දරුවන් සිව් දෙනා රැගෙන ගොස් බිරිඳගේ සොහොයුරාගේ නිවසේ නවත්වා තිබුණා.

පසුව අඹුසැමියන් අද (17) අලුයම වනතුරු ගුටි බැට හුවමාරු කරගෙන තිබෙනවා.

ඔවුන් දෙපලට සිව් හැවිරිදි කුඩා දරුවෙකු සහ 22 හැවිරිදි වැඩිමහලු දරුවෙකුද සිටින අතර පාසල් යන වයසේ පසුවන දරුවන් දෙදෙනෙකුද සිටිනවා.

මෙම යුවල හබරණ - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ හෝටලයක් පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ.

45 වියැති සැකකාරිය විසින් සැමියා ඝාතනය කිරීමෙන් අනතුරුව පොරවත් රැගෙන පොලිසියට පැමිණ ඇති බවත් සිය සැමියා පොරොවෙන් තමන්ට පහර දීමට පැමිණි විට එය ඔහුගෙන් උදුරාගෙන මෙම අපරාධය සිදුකළ බවත් ඇය පාපොච්ඡාරණය කර තිබුණා.

මියගිය පුද්ගලයාගේ මීට පෙර විවාහයක් අසාර්ථක වී ඇති අතර මෙය ඔහුගේ දෙවන විවාහය බවත් ඔහු යුධ හමුදා සේවයේ යෙදී සිට ඉවත් වූ අයෙකු බවත් පොලිසිය සඳහන් කළා.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වනවිට හබරණ රෝහලේ තැම්පත් කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

අදාළ බිරිඳ හබරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories