ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

Saturday, 18 November 2017 - 0:43

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව ගිංතොට (නැගෙනහිර හා බටහිර ) / කුරුඳුවත්ත / මහහපුගල / වැලිපිටිමෝදර / රුක්වත්ත සහ පියඳිගම යන ප්‍රදේශවලට මෙම ඇඳිරි නීතිය බල පැවැත්වෙනු ඇති.

පොලිසිය සඳහන් කළේ මෙම ඇඳිරි නීතිය උදෑසන 9 දක්වා ක්‍රියාත්මක වන බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ ගාල්ල පොලිස් වසමේ ඇතිවු නොසන්සුන්කාරී තත්වයක් පාලනය කිරීමට පොලිස්පතිවරයා විසින් ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

එමෙන්ම පොලිස්පතිරයාගේ නියෝග මත පොලිස් නිලධාරීන් 200 කට අධික ප්‍රමාණයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 100 කට අධික ප්‍රමාණයක් ප්‍රදේශයේ රාජකාරී සඳහා යොදවා තිබෙනවා.

මෙම නොසන්සුන්කාරී සිද්ධියට අදාළව සැකකරුවන් 7 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories