ලෙබනන අගමැතිවරයා සෞදි අරාබියෙන් නික්මෙයි

Saturday, 18 November 2017 - 13:32

%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B6%B1%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පසුගිය නොවැම්බර් 4 වන දා සිට සෞදි අරාබියේ රදවා සිටින බවට වාර්තා වූ ලෙබනන අග්‍රාමාත්‍ය සාද් හරීරි එරටින් නික්මී ප්‍රංශය බලා පිටත් වූ බව වාර්තා වනවා.

ඔහු සෞදි අරාබියේදී අනපේක්ෂිත ලෙස අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීම නිසා, ලෙබනනය සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ද පැන නැගුණා.

ඔහුගේ ඉවත්වීම ලෙබනන ජනාධිපතිවරයා පිළිගත්තේ නැහැ. දැන් අර්බුදය විසදීමට මැදිහත්කරුවෙකු ලෙස පෙනී සිටීමට ජෝර්දානයේ හිටපු අධිරාජ්‍යවාදී පාලකයා වූ ප්‍රංශය ඉදිරිපත් වී සිටිනවා.

ලෙබනන අගමැති හරීරි තමා සෞදි අරාබිය විසින් බලහත්කාරයෙන් රදවාගෙන සිටි බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories