කබලෙන් ලිපට වැටුණු මීතොටමුල්ලේ වැසියන්

Saturday, 18 November 2017 - 19:25

%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් නිවාස අහිමිවූවන් ස්ථිර පදිංචියට නිවසක් නොමැතිකමින් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

කසළ කන්ද නායගොස් මේවන විට මාස 7 ක් ඉක්ම ගොස් තිබුණත්, ඔවුන් ඇතැමෙකුගේ මහල් නිවාස බලාපොරොත්තු පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකයි.

මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් අවතැන් වූ පවුල් 72 ක් පමණ මේවන විටත් කුලී නිවාසවල රැඳී සිටින අතර, ඒ සඳහා වියදම් දරණු ලබන්නේ රජය විසින්.

කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ ඉදිවූ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ නිවාස කිහිපයක් මීතොටමුල්ලේ අවතැන්වූ පිරිස් වෙනුවෙන් ද වෙන්කර තිබෙනවා.

ඔවුන්ට හිමි නිවෙස් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති අතර, ඒ පිළිබඳ විමසීමට නිවෙස් ලාභීන් කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ඊයේ පැමිණ සිටියා.

නිවාස ලාභීන්ට හිමි නිවාස මෙතෙක් ලබා නොදීම පිළිබඳ සොයා බැලීම සඳහා හිරු ප්‍රවෘත්ති ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය වෙත ගියා.

එහි ගිය අපට දැකගත හැකිවූයේ තවමත් එහි ඉදිකිරීම් කඩිමුඩියේ සිදුවෙමින් පවතින ආකාරයයි.

බොහෝමයක් ඉදිකිරීම් අවසන් වෙමින් පවතින්නේ නිසි ප්‍රමිතියකින්දැයි සැක මතුවනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories