වේයන්ගොඩදී මෝටර් රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකු මරුට

Monday, 20 November 2017 - 9:49

%E0%B7%80%E0%B7%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වේයන්ගොඩ - හීන්දෙණිය - පට්ටිගොඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී අද උදෑසන මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ කාන්තවන්දෙදෙනා ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු ගමන් කර ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනා සහ පිරිමි පුද්ගලයෙක්.

බරපතල තුවාල ලැබූ  තවත් පුද්ගලයෙකු ගම්පහ -වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාල මෝටර් රථය අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වූ අංක 4851 දරණ දුම්රියේ ගැටී ඇති අතර එය කොළොන්නාවේ සිට අනුරාධපුරයට තෙල් ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් සිටි දුම්රියක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ.

අද (20) උදෑසන 8.40ට පමණ අදාළ මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කර තිබුණේ වාහන නැවත්වීමට කළ සංඥාවද, රතු ආලෝක නිවේදනද නොතකා හරිමින් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුව මෝටර් රථය දුම්රියේ ගැටී ඇති අතර ටික දුරක් දුම්රිය සමඟ ඉදිරියට ඇදී දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවී තිබුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories