මහින්දානන්දගේ නඩුව විභාගයට ගැනීමට දින නියම කෙරේ

Monday, 20 November 2017 - 13:19

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
රුපියල් ලක්ෂ 270ක් වැයකර බොරැල්ල - කිංස්ලි පාරේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 13,14, සහ 15 යන තෙදින තුළ විභාගයට ගැනීමට අද දින නියම කෙරුණා.

ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එමෙන්ම මහින්දානන්ද අලූත්ගමගේ හිටපු අමාත්‍යවරයාට ඇප ලබාදීමේදී ඇපකරුවන් ලෙස කටයුතු පුද්ගලයන්ට හෙට දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා නොතීිසි නිකුත් කළා.

නඩුව කැදවූ අවස්ථාවේදී මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදය සහභාගි වීමට අවශ්‍ය බැවින් තම සේවාදායකයා අධිකරණයේ අද පෙනී නොසිටින බවයි.

එසේ නම් ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන් අතර ඒ අනුව හෙට දිනයේ ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසද නොතීසි නිකුත් කළා.

මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා පසුගිය රජය සමයේ අමාත්‍යවරයෙකුව කටයුතු කරන සමයේ අයථා ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 270ක මුදලින් බොරැල්ල කිංස්ලි පාරේ නිවසක් මිලදී ගෙන මුදල් විශූද්ධිකරණ පනතේ රෙගුලාසි උල්ලංඝණය කර ඇති බවට මොහුට විරුද්ධව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories