Hirunews Logo
%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B6%E0%B7%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Tuesday, 21 November 2017 - 8:58
මුගාබේට එරෙහි දෝෂාභියෝගය අද ඇරඹේ
5

Shares
659

Views
වසර 37ක් සිම්බාබ්වේ දේශය පාලනය කළ, එරට නිදහස දිනූ නායකයා වන 93 හැවිරිදි ජනාධිපති රොබට් මුගාබේට එරෙහි දෝෂාභියෝග ක්‍රියාමාර්ග අද ආරම්භ වන බව පාලක සානු - පී එෆ් පක්ෂය නිවේදනය කළා.

ඒ, ඔහුට ගෞවරනීය ලෙස ඉල්ලා අස්වීම සඳහා ලබාදී තිබූ කාල විරාමය ඊයේ මධ්‍යහ්නයෙන් අවසන් වීමෙන් අනතුරුවයි.

ඊට පෙර සිම්බාබ්වේ පාලක පක්ෂය, ජනාධිපති මුගාබේ පක්ෂ නායකත්වයෙන් ඉවත් කළ අතර, ජනාධිපති ධුරය අපේක්ෂා කළ ඔහුගේ බිරිඳ ගේ‍්‍රස් මුගාබේ ද පක්ෂයෙන් පිටුවහල් කළා.

බිරිඳ තමාගේ අනුප්‍රාප්තිකයා වීම සඳහා මුගාබේ විසින් ඉවත් කළ හිටපු උප ජනාධිපති එමර්සන් මන්ගග්වා එහිදී පක්ෂ නායකත්වයට පත් කර ගැනුණා.

ජනාධිපති මුගාබේට එරෙහි දෝෂාභියෝග චෝදනා වලට සිම්බාබ්වේ විධායක බලය අයුතු ලෙස බිරිඳට පැවරීමේ උත්සාහය ද ඇතුළත්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පලු ගස් කුහරයට විශ්මිත වටිනාකමක්
Thursday, 22 February 2018 - 11:54
ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු... Read More
News Image
Hiru News Programme Segments
3,302 Views
15,272 Views
605 Views
1,413 Views
286 Views
16,706 Views
Top