Hirunews Logo
%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Tuesday, 21 November 2017 - 10:57
කළු ගලකට යටවීමෙන් පාසල් සිසුවෙකු මරුට
19,025

Views
පාදුක්ක ප්‍රදේශයේදී ගලකට යටවීමෙන් පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක, මිරියගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි එච්. පී. ජනක කුමාර නමැති තරුණයෙකු බවයි වාර්තා වන්නේ.

ඔහු පාදුක්ක, මාවතගම කනිෂ්ඨ විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවා.

පසුගිය 19 වනදින සිය පාසල් පෙම්වතිය සමඟ ඔහු හංවැල්ල, දිද්දෙණිය ප්‍රදේශයේ නිවසක නවාතැන් ගෙන තිබෙනවා.

මෙය සැළ වූ අදාළ තරුණියගේ පවුලේ ඥාතීන් ඊයේ (20) වෑන් රථයකින් ඔහුගේ නිවසට පැමිණ තිබුණා.

තරුණයා නිවසේ නොසිටි හෙයින් පෙම්වතුන් නවාතැන් ගෙන සිටි දිද්දෙණිය ප්‍රදේශයේ නිවසටද ඔවුන් ගොස් තිබෙනවා.

සිසුවා එම නිවසේද නොසිටි බැවින්, එහි සිටි තරුණයාගේ හිතවතෙකුට එම පිරිස තර්ජනය කර ඇති බවයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරනය වුණේ.

කෙසේ වෙතත් සිදුවූ සියල්ල පිළිබඳව අදාළ හිතවතා විසින් මියගිය සිසුවා දැනුවත් කර තිබෙනවා.

පසුව නිවසට නොගිය මෙම සිසුවා, තම හිතවතා රැකියාවේ නිරත ගල් වැඩපළ අසල කැළෑවට ගොස් එහි සැඟව සිට තිබුණා.

මෙලෙස කැළෑවේ රැදී සිටියදීයි ඔහු මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

ගල සිරුරට පෙරලුන අවස්ථාවේ ඔහු කෑ ගසා ඇති අතර ගල් වැඩපළෙහි සිටි එම හිතවතා සහ තවත් සේවකයින් පිරිසක් එම ස්ථානයට ගියද ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

අදාළ සිසුවාගේ මව විදෙස් ගතව සිටින බවයි වාර්තා වන්නේ.

සිසුවාගේ දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය පාදුක්ක හදිසි මරණ පරීක්ෂක නන්දසේන පන්නිපිටිය විසින් සිදුකර තිබුණා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පාදුක්ක පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අවිස්සාවේල්ල රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
News Image
Hiru News Programme Segments
16 Views
6,142 Views
5,184 Views
4,665 Views
277 Views
38,196 Views
Top