Hirunews Logo
%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
Tuesday, 21 November 2017 - 11:15
ගාමිණී සෙනරත්ට ඇප
22

Shares
2,741

Views
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, ගාමිණී සෙනරත් ඇතුළු තුන්දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ඒ අනුව එක් අයෙකුට රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

ගාමිණී සෙනරත්ට අමතරව මෙලෙස ඇප නියම වූයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරුන් වන පියදාස කුඩාබාලගේ සහ නීල් හපුහින්න යන දෙදෙනාටයි.

ඊට අමතරව ගාමිණී සෙනරත්ට සහ පියදාස කුඩාබාලගේ යන දෙදෙනාට විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස ද නියෝග කළා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලූපිටිය ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය යටතේ 2012 වසරේ වෙන් කෙරුණු රුපියල් බිලියන 185ක මුදලින් රුපියල් බිලියන 4ක් නීතිවිරෝධී ලෙස හම්බන්තොට ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදවා, රජයේ මුදල් සාවද්‍ය පරිහණය කළ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වනවා.

මොවුන් තිදෙනා නීතිඥයෙකු මාර්ගයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වූයේ පසුගිය 13 වනදායි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පලු ගස් කුහරයට විශ්මිත වටිනාකමක්
Thursday, 22 February 2018 - 11:54
ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු... Read More
News Image
Hiru News Programme Segments
3,415 Views
15,403 Views
635 Views
1,463 Views
367 Views
16,868 Views
Top