Hirunews Logo
%E0%B6%8B%E0%B6%B4+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Tuesday, 21 November 2017 - 11:44
උප පොලිස් පරීක්ෂක වෙඩි තබා ගනී
7,208

Views
මුල්ලේරියාව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු පිස්තෝලයකින් වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන තිබෙනවා.

ප්‍රේමසිරි නමැති මෙම නිලධාරියා සිය රාජකාරි ගිනි අවියෙන් මෙසේ වෙඩි තබාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

පරීක්ෂක ශ්‍රේණියේ පොලිස් නිලධාරීන්ගේ නිවස්නය තුළ දී මෙසේ වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව සඳහන්.

වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය කියා සිටියේ.

මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් විමර්ශන සිදුකරනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති වුවත්, මෙම පොලිස් නිලධාරීයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එමෙන්ම, ඔහුගේ දරුවෙකු කිසියම් රෝගී තත්ත්වයකට ගොදුරු වී ඇති බවට තොරතුරු වාර්තා වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙම සියලූ කරුණු පිළිබඳව සැලකිලිමත් වෙමින් ඔහු සියදිවි හානිකර ගැනීමට හේතුව සොයා විමර්ශනය සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කලා.

ඉංගිරිය, මහාඉංගිරිය ප්‍රදේශයේ පදිංචි මියගිය උපපොලිස් පරික්ෂකවරයා පොලිස් විශේෂ කාර්යා බලකායට අනුයුක්තවද වසර ගණනාවක් සේවය කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
568 Views
6,605 Views
5,360 Views
4,911 Views
66 Views
38,769 Views
Top