Hirunews Logo
%E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Tuesday, 21 November 2017 - 15:50
උඩරට සහ කැළණිවැලි මාර්ගවල දුම්රිය ගමනාගමනය යථා තත්වයට (ඡායාරූප)
7

Shares
941

Views
උඩරට මැණිකේ දුම්රිය පීලි පැනීමෙන් ඇණහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත්කර තිබෙනවා.

නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය මේ බව ප්‍රකාශ කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී දුම්රියේ දෙවන මැදිරිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය පැය 3 ක පමණ කාලයක් ඇණහිට තිබුනා.

අනතුරුව පීලි පැනීමට ලක්වු දුම්රිය නඩත්තු අංශ සේවකයන් විසින් පීලිගත කර අලාභ  හානි සිදුව තිබු දුම්රිය මාර්ගය ද පස්වරු 2.30 ට පමණ පිළිසකර කර අවසන් කළ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

එමෙන්ම දෙමටගොඩ සහ මරදාන දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් බාධා එල්ලවී තිබූ කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුද මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.


ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
137 Views
6,353 Views
5,960 Views
6,027 Views
256 Views
7,865 Views
Top