හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බව හිටපු ජනපති හෙළි කරයි

Tuesday, 21 November 2017 - 18:49

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුව ඉදිරි දිනකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, කොළඹ - සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 21 වන නියෝජිත මහා සම්මේලනයට අද එක්වෙමින්.

‘‘අද හිරේ දාන එක මේ අයට මහා සෙල්ලමක් වෙලා තියෙනවා මන්ත්‍රීවරුන්ව. පාර්ලිමේන්තු 13 ක් 14 ක් විතර දැනට හිරේ ගිහිල්ලා තියෙනවා. ඔවුන්ගේ පළමු ඉලක්කය වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ සමඟ පවුලේ සියලුම සාමාජිකයින්. ඊට පස්සේ තමයි අනිත් අය. ආරක්ෂක ලේකම්වරයා හෙට අනිද්දා ගනියි. අරගෙන ඔහුත් හිරකරලා තියයි. මේ රජයට විරුද්ධවල ව්‍යවස්ථාවට විරුද්ධව හඬක් නඟනකොට ව්‍යවස්ථාවට විරුද්ධව එළියෙ සංවිධාන ඇතිකරගෙන රට වටා යනකොට ඒක මර්දනය කරන්න තියෙන එකම ක්‍රියාමාර්ගය තමයි ගෝඨාභය ලේකම්වරයාව අත්අඩංගුවට අරගෙන හිරකරන එක. ඒක තමයි ඔවුන් කරන්නේ. ගාමිණී සෙනරත් ලේකම්වරයා එකම එකවුන්ට් එකෙන් අනෙක් එකවුන්ට් එකට සල්ලි මාරු කළා කියලා ඔහු සුමාන දෙකක් හිරේ. අද නඩු තීන්දුවක් දුන්නා කිසිම රාජ්‍ය දේපොළක් මේකට සම්බන්ධ වෙලා නැහැ. අද FCID එක පළිගැනීම් කරන්නේ ඒ වචනය පාවිච්චි කරලා. අධිකරණය නොමඟ යවලා. අධිකරණයේත් යුතුකමක් තියෙනවා මම හිතන්නේ මීට වඩා මෙවැනි අවස්ථාවලදී රාජ්‍යයට අයත් දේපොළක් සම්බන්ධයෙන්ද මේ නඩුව දාන්නේ කියලා මීට වඩා ඉක්මනින් තීන්දු ගන්න. පනතකින් කීප දෙනෙකුගේ දේශපාලන අයිතිය නැති කළානේ. එක පනතකින් නැති කළා අපි. රාජපක්ෂවරු. අනෙක් පැත්තෙන් අයින් කළා සමෘද්ධි නිලධාරීන්. ඒ මන්ත්‍රීවරු තුන්සිය ගාණක් ඉන්නවා. එක්කෙනෙකුටවත් ඉල්ලන්න බැහැ. රජයේ අනෙක් හැම නිලධාරියෙකුටම තියෙන අයිතිය සමෘද්ධි නිලධාරීන්ගෙන් උදුරගත්තේ  තමුන්නාන්සේලාට බයෙන් මිසක් වෙන කාරණයක් හින්දා නෙමෙයි’’

මේ අතර ආණ්ඩුවට අඛණ්ඩව චෝදනා එල්ලවන නිසා ඊට එරෙහිව ඉදිරියේදී රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවේ ඇතැම් උපදේශකවරු උපදෙස් ලබාදී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories