බැඳුම්කර තීන්දුව කඩිනම් කරන්න නිදහස් පක්ෂය සැරසේ

Tuesday, 21 November 2017 - 18:57

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාරදීමෙන් අනතුරුව ඉදිරියේදී ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

කොළඹ අද පැවති  මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ හෙට රාත්‍රියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ පිළිබඳ කඩිනම් පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

‘‘බැඳුම්කරය පිළිබදව අපේ ස්ථාවරය තිබුණේ මේ රටේ ලොකුම වංචාව කියන එක. ඒ ස්ථාවරයෙන් අපි මොනව වෙලාවකවත් වෙනස්වෙලා නැහැ. ඊයේ අවසන් වූ බැදුම්කරයේදී සුවිශේෂි දෙයක් පෙන්නලා තියෙනවා මේ රටේ ඇමතිවරු, අගමැතිවරයා දක්වා කොමිසමක් ඉදිරියේ සාක්ෂි දෙන්න පුළුවන් විදිහට නව සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. 8 වැනිදා ජනාධිපතිතුමාට මෙය ඉදිරිපත් කළාට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබදව නිත්‍යානුකූලව එහි ඉදිරි කටයුතු කරන්න.

ප්‍රශ්නය - චකිතයක් තියෙනවා සාමාන්‍යයෙන් මේකත් ප්‍රමාද වෙයි කියලා?

පිළීතුර - හෙට රාත්‍රි 7.30ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී අපි දැනුම් දෙනවා මේ පිළිබඳව ගත හැකි උපරිම ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගැනිම ජනාධිපතිතුමාට අවධාරණයෙන් ප්‍රකාශ කරන්න අපි සූදානම් වෙනවා.

ප්‍රශ්නය - ඔබතුමාලා විශේෂයෙන්ම බැඳුම්කර වංචාවට සම්බන්ධ අයගේ දේපළ තහනම් කරන්න ඕන කිව්වා?

පිළිතුර - ඒ නිත්‍යනුකූල පියවරට ඉක්මනට යන්න කියන එක තමයි අපි කියන්නේ. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා ඒක.

ප්‍රශ්නය - දැනට පොඩි සැකයක් ඉදිරිපත් වෙලා තියෙනවා පළාත් පාලන ඡන්දය තවදුරටත් කල් දාන්න?

පිළිතුර - සීමා නීර්ණවලට පටහැනිව මේවා කඩලා තියෙනවානම් දැන් සමහර අය තව ඒවා කඩන්න ඉල්ලනවා. එහෙම වුණොත් ඒක දිගට යන වැඩක්. ඒ නිසා මං හිතන්නේ  මොන ක්‍රමයකින් හරි මේ මැතිවරණය පැවැත්විය යුතුයි කියන මතයේ අපි ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට. අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදිච්ච පාර්ශ්වයත් එක්ක එකගතාවයෙන් තමයි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න අපි බලාපෙරොත්තු වෙන්නේ ’’



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories